30.6 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූස්සේදී අයිස් සමඟ තරුණයෙක් අල්ලයි

බූස්සේදී අයිස් සමඟ තරුණයෙක් අල්ලයි

දීර්ඝ කාලයක සිට බූස්ස ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් ඊයේ (29) රත්ගම පොලිස් වසමේ වැල්ලබඩ, බූස්ස ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 90 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි වැල්ලබඩ, බූස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්, ජාවාරමෙන් උපයා ගත් මුදල් රුපියල් 101,000 ක්, ජංගම දුරකථන 02ක් සහ යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.