27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් පාසල් සිසුවෙක් රෝහලට

රිය අනතුරකින් පාසල් සිසුවෙක් රෝහලට

කහතුඩුව – වෑතර රෝහල ඉදිරිපිටින් ධාවනය වූ මෝටර් රථයක් එහි නවතා තිබූ යතුරුපැදියක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ වෑතර මහා විද්‍යාලයේ 10 වැනි පන්තියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

පිළියන්දල සිට කහතුඩුව දෙසට ධාවනය වූ මෝටර් රථයේ දකුණු පස රෝදයේ හුළං යෑම හේතුවෙන් රියදුරුට මෝටර් රථය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්ව ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

29 හැවිරිදි මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.