31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රම්ප්ට ඉතිහාසගත නඩු තීන්දුවක්

ට්‍රම්ප්ට ඉතිහාසගත නඩු තීන්දුවක්

අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ලෙස හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වුණා.

ඒ ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීම ඇතුළු චෝදනා 34කට අදාළව මෑන්හැටන් ජූරි සභාවක් විසින් ට්‍රම්ප් වරදකරු බවට තීන්දු කිරීමත් සමගයි.

එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලවකවානුවක් තුල මෙවැනි අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඔහු ඉතිහාසගත වනවා.

කෙසේ වෙතත් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණේ ජූරි සභිකයන් දින දෙකක් පුරා පැය 12කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නඩුකරය සම්බන්ධයෙන් මෑන් හැටන් අධිකරණය සාක්‍ෂිකරුවන් 22දෙනෙකුගෙන් සති හයක් පුරා අඛන්ඩව දීර්ඝ ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණා.

ඒ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව කියන ස්ටෝමි ඩැනියෙල්ස් ද සිටිනවා. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියම කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන ජූලි 11 වැනිදා සිට වන අතර හිටපු ජනාධිපතිවරයාට බොහෝ විට සිර දඬුවම් විඳීමට සිදුවනු ඇති බවටයි මත ඵල මත පලවන්නේ.

කෙසේ නමුත් නීති විශාරදයින් පවසන්නේ ඔහුට දඩයක් නියම කිරීමේ අවස්ථාවක්ද ඇති බවයි.