― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබීඩි කොළ තොගයක් කලපුවෙන් මතුවෙයි

බීඩි කොළ තොගයක් කලපුවෙන් මතුවෙයි

පුත්තලම කලපුවේ පාවෙමින් තිබූ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ධීවරයින් පිරිසක් විසින් පුත්තලම කලපුවේ පාවෙමින් තිබූ සැකකටයුතු පාර්සලයක් දැකීමෙන් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් සිදු කළ පරීක්ෂා කිරීඉමේදී අනාවරණය වී ඇත්තේ එම පාර්සලයේ බීඩි කොළ තොගයක් ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් බීඩි කොළවල වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවයි පොලීසිය පවසන්නේ.

මෙම බීඩි කොළ ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

අත්අඩංගුවට ගත් බීඩි කොළ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.