― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමට බනින කාඩ්බෝඩ් වීරයෝ ලෝකෙ වටේ හිඟමනේ යනවා

මට බනින කාඩ්බෝඩ් වීරයෝ ලෝකෙ වටේ හිඟමනේ යනවා

තමාගේ බෙදිල්ල වැරදියි කියන කාඩ්බෝඩ් සමාජවාදීන් ලෝකෙ වටේ හිඟමනේ ගිහින් සල්ලි හොයමින් බොරු සංදර්ශන පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (31) හම්බන්තොට, මුල්කිරිගල, කටුවන, කුඩාගොඩ කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැරදි බවත් එම බෙදිල්ලෙන් රටක් හදන්න බැහැ බවත් දේශපාලනඥයන්ගේ වගකීම බෙදිල්ල නොවන බවත් තියෙන අයගෙන් අරගෙන නැති අයට දෙන එක වැරදි බවටත් ඇතැම් කුහක පුද්ගලයන් පවසමින් යන බවත් එසේ කුහක විවේචන කරන අය රටේ පාසල්වල ඇති අගහිඟකම් ගැන නොදන්නා බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ලෝකය වටේ සැරිසරා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් තම පක්ෂයේ අරමුදල වෙනුවෙන් සොයන මේ කාඩ්බෝඩ් සමාජවාදීන් එම සොයනා මුදලින් සුළු කොටසක් හෝ රටේ අධ්‍යාපනය දියුණු කරවන්න යොදවන්නේ නැති බව පැවසූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ මේ බංකොලොත් රටේ මහලොකු විකල්ප නායකයෝ ලෝකෙ වටේ ඇවිද ඇවිද මුදල් එකතු කර ඔවුන්ගේ සහ පක්ෂයේ ප්‍රතිරූප ගොඩනැගීමට යොදා ගන්නා බවත් ඔවුන්ට ජනතා දුක නැති කිරීමට හෝ රට දියුණු කිරීමට වුවමනාවක් නොමැති බවත්ය.

එම නිසා මේ රටේ ජනතාව අවබෝධ කර ගත යුත්තේ රටට අවශ්‍ය කයිවාරුව නොව ක්‍රියාව බවත් රටට අවශ්‍ය සෝබනකාරී දේශපාලන සංදර්ශන නොවන ප්‍රායෝගික සංවර්ධන වැඩසටහන් බවත් සමගි ජන බලවේගය බලයක් නොමැතිව ඒ යුතුකම ජනතාව වෙනුවෙන් මේ වන විටත් ඉටු කරමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සුහුරු පාසල් අප රටට අවශ්‍ය නොමැති බව පවසන කයිය නායකයන්ගේ දූදරුවන් ඥාති දූපුතුන් යන්නේ ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාවලට බවත් ඔවුන්ගේ නිර්ධන පන්ති කතා සමාජවාද කතා කයිවාරු පමණක් බවත් ඔවුන් හොරු අල්ලනවා යැයි කයිවාරු ගගහ ගියත් විපක්ෂයේ සිට සමගි ජන බලවේගය මේ වන විටත් හොරු කවුද කියා අනාවරණය කර ඇති බවත් එම නිසා රටට අවශ්‍ය සෝබන දේශපාලනය නොව සංවර්ධනය සහ වැඩ කිරීම බව ජනතාව බුද්ධිමත්ව අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අප රටේ අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු නිසා උපාධිධාරීන් 50000ක් පමණ විරැකියා පෝළිමේ සිටින නිසා තොරතුරු තාක්ෂණ මෙන්ම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතා අධ්‍යාපනය වර්ධනය කළ යුතු බවත් පසුගිය කාලයේ රටේ අනවශ්‍ය දේවල්වලට මුදල් වෙන් කිරීම නිසා ඇතැම් පාසල්වල අඩුපාඩු සකස් කර ගැනීමට පවා නොහැකි වී ඇති බවත් හම්බන්තොටට ගුවන්තොටුපොළක්, සම්මන්ත්‍රණ ශාලාවක්, කොළඹට නෙළුම් කුළුණක් හැදීමට මුදල් තිබුණත් රටේ පාසල්වලට සුහුරු පන්ති කාමර උපකරණයක්, ස්මාර්ට් බෝඩ් එකක්, අන්තර්ජාල පහසුකමක් ලබා දීමට මුදල් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ අධ්‍යාපනය හරිහැටි ශක්තිමත් කළහොත් කාටවත් සොරාගත නොහැකි වටිනා සම්පතක් දරුවන්ට ලැබෙන බවත් ඒ සඳහා වන පැහැදිලි වෙනස සමගි ජන බලවේගය ඇති කරනා බවත් ඒ තුළින් ජාත්‍යන්තර තලයේ උසස් අධ්‍යාපනයක් ලබා දීමට කැපවන බවත් පුද්ගල කේන්ද්‍රීය නිපුණතා කුසලතා වර්ධනය රටේ ඉහළතම ඉලක්කය බවට පත්විය යුතු බවත් එය අතිශය වැදගත් නිසා මෙවැනි ශක්තියක් පාසල් පද්ධතියට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.