මන්නාරමේ සිට යාපනය දක්වා නීතිවිරෝධී ලෙස ප්රවාහනය කළ කැස්බෑ මස් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු විශේෂා කාර්ය බලකාය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී බෑග්වල අසුරන ලද කැස්බෑ මස් කිලෝග්රෑම් 82 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් මෙම මස් තොගය කාටත් සැක නොසිතෙන පරිද්දෙන් බෑග්වල අසුරා, ඝන රෙදි කැබැල්ලකින් ඔතා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.