27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැඩි රැකවල් මැද මිදිගම රුවන් දිවයිනට

දැඩි රැකවල් මැද මිදිගම රුවන් දිවයිනට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (31) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අද අලුයම මෙලෙස විශේෂ ආරක්ෂාවක් යටතේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මිදිගම රුවන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හරක් කටාගේ මස්සිනා බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මොහු මීට මාස දෙකකට පමණ පෙර ඩුබායි හි සමාජ ශාලාවක ඇති කර ගත් ගැටුමකදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මිදිගම රුවන් ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවේ ද නම ගිය අපරාධකරුවෙක් වන අතර කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා ඩුබායි වෙත ගොස් මිදිගම රුවන් එරට ආරක්ෂක අංශ මගින් භාරගෙන මෙලෙස දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ඔවුන් අද අලුයම 05.45 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන්තොටුපොළේදී දැඩි ආරක්ෂක රැකවවල් යටතේ මිදිගම රුවන් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.