27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා

නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා

සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලටත් මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, දකුණ, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරුමැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාවලන්, ත්‍රිකුණාමලය, මොණරාගල දිස්ත්‍රික්කයෙත් විටින් විට පැයට කිලෝමීටර 40 න් 50 න් අතර තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.