― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදෙස් කතකගේ බෑගය සොරාගත් අයෙක් අත්අඩංගුවට

විදෙස් කතකගේ බෑගය සොරාගත් අයෙක් අත්අඩංගුවට

පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී එංගලන්ත ජාතික තරුණියකගේ බෑගයක් සොරාගත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

මෙම විදෙස් ජාතික තරුණියගේ බෑගයේ ඩොලර් 20000ක පමණ වටිනා දේපළ තිබී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු සොරාගෙන තිබූ ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම සඳහා මෙරටට පැමිණ, ඇල්ල බලා යාම සඳහා පිටකොටුව බැස්ටියන් මාවතේ බස් රථයක නැගි විදෙස් තරුණියකගේ ගමන් මල්ලකුයි මෙලෙස සැකකරු සොරාගෙන තිබුණේ.

බස් රථයේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් කැමරාව රුපියල් දෙලක්ෂ පනස්දහකට දොම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදීත්, ලැප්ටොප් පරිගණකය රහස් අංකය විනාශ කිරීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථානයකට රුපියල් 5000කට අත්තිකාරම් මුදලක් ගෙවා ලබාදී තිබියදීත්, සෙසු භාණ්ඩ සැකකරු සන්තකයේ තිබියදී සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසනවා.

‘අන්ඩර් ද සේම් ස්කයි’ නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැක්ගෝවන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් වන අතර ඇය පසුගිය 24 වැනිදා මෙරට සංචාරය සඳහා පැමිණ තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.