― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනෙන් තහනමක්

ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනෙන් තහනමක්

ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයිනට ඇතුළු වීම තහනම් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් මුස්ලිම් රාජ්‍යයේ මහජන කෝපය ඉහළයෑම සලකමින් බව සඳහන්.

මීට අමතරව, පලස්තීන අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා විශේෂ නියෝජිතයකු පත් කිරීමට මාලදියිනේ ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

පලස්තීනයේ සිටින ජනතාවට සහය වීම සඳහා අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් පලස්තීනයට සහාය දක්වමින් දැවැන්ත රැලියක් පැවැත්වීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි සඳහන්.