― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentකොට්ටාවේ අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොට්ටාවේ අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කොට්ටාව, රුක්මල්ගම, මෙන්ඩිස් හන්දියේදී ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන් තිදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ හපුතලේ බ්‍රෑටූඩ් මැද කොටස පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් සහ හික්කඩුව නාකන්ද පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.