― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsහොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

හොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (02) කොච්චිකඩේ පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීමක් සිදුකර තිබෙනවා.

එහිදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකින් යුතු මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් 2,400 ක් සන්තකයේ තබාගෙන සිටි කොච්චිකඩේ, ගුරුගෙවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබුවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු කොච්චිකඩේ පොලිසිය වෙත භාර දී තිබෙනවා.