23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොඩි මැණිකේ දුම්රියේ ගින්නක්

පොඩි මැණිකේ දුම්රියේ ගින්නක්

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (03) පෙරවරුවේ බදුල්ලේ සිට ගමන් ඇරඹු මෙම දුම්රියේ පිටුපස එන්ජිමේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නයේ දී දුම්රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසු එම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

මේ වනවිටත් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා ඇති බවයි හපුතලේ අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.