― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවියරු කාලගුණය ජීවිත 17ක් බිලිගනී

වියරු කාලගුණය ජීවිත 17ක් බිලිගනී

අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ ගණන මේ වනවිට 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 01ක් බැගින් වාර්තා වන බවයි.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කැළණි, කළු, ගිං ගංගා හා අත්තනගලු ඔය ද පිටාර ගලමින් පවතින බවයි.

මේ හේතුවෙන් ගම්පහ සහ කඩුවෙල නගර ද ඊයේ (03) රාත්‍රී ජලයෙන් යට වී තිබෙනවා.