28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'තොටළඟ පොඩ්ඩිගේ' නිවසින් හෙරොයින් අල්ලයි

‘තොටළඟ පොඩ්ඩිගේ’ නිවසින් හෙරොයින් අල්ලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘තොටළඟ පොඩ්ඩිගේ’ ග්‍රෑන්ඩ්පාස් පිහිටි නිවස වටලා රුපියල් කෝටි එකහමාරක මුදල්, හෙරොයින් සහ නීති විරෝධී මත්කරල් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (03) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ, නාගලන් වීදිය ප්‍රදේශයේ සිදු කළ හදිසිස් වැටලීමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 264 ක්, මත්කරල් 760 ක්, රුපියල් 11,593,000 ක් සහ ජංගම දුරකථනයක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ තොටළඟ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන වින්දනී ප්‍රියදර්ශිකා සූරියආරච්චි නොහොත් ‘තොටළඟ පොඩ්ඩි’ සහ ඇගේ සැමියා වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හෙට්ටිආරච්චිගේ ගැමුණු තිස්ස නොහොත් ‘සරණා’ යන අයට අයත් නිවසක තිබී මෙම හෙරොයින් සහ මත්කරල් සොයාගත් බවයි.