27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැරණි ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

පැරණි ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

මාදම්පේ ප්‍රදේශයේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේදී ඥාති පුත්‍රයෙකු විසින් සිය මාමාට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව මාදම්පේ පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ නරසිංහ කේසර බණ්ඩාරනායක සැම්සන් ජයවීර නමැති 56 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ සොහොයුරියගේ පුත්‍රයා මෙම ඝාතනය සිදුකර ඇති අතර සැකකරුද මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේම පදිංචිව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

පැරණි ආරවුලක් මත මියගිය පුද්ගලයා සහ සැකකරු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු කඩුවකින් පහරදී සිය මාමා ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.