28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලිබල පනත ව්‍යවස්ථාවට පටහැනියි - කථානායක

විදුලිබල පනත ව්‍යවස්ථාවට පටහැනියි – කථානායක

විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ මහාධිකරණ තීන්දුව අද (04) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් නීති සම්පාදනය කළ යුතු බව මහාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වන බවයි කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ.

කෙසේ වෙතත්, මහාධිකරණ තීන්දුවට අනුව එකී වගන්ති සංශෝධනය කළහොත් සරල බහුතරයකින් නීති සම්පාදනය කෙරෙනු ඇති.