― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsවියරු කාලගුණයෙන් මියගිය ගණන තවත් ඉහළට

වියරු කාලගුණයෙන් මියගිය ගණන තවත් ඉහළට

දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 06ක පුද්ගලයින් 21 දෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 02ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වන බවයි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගල අතුරුදන් වී ඇති බවත් වාර්තා වනවා.