― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsඉන්දීය මහ මැතිවරණයෙන් මෝදිට ජය

ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදිට ජය

ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය ලොක් සභාවේ ආසන 240ක් ජයග්‍රහණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය මෙවර මැතිවරණයේදී ආසන 99ක් දිනා ඇති අතර එය 2019 මහ මැතිවරණයට සාපේක්ෂව දෙගුණයක ප්‍රතිශතයකි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර මහ මැතිවරණය අදියර 07 කින් පැවැති අතර ඒ සඳහා ඡන්දදායකයන් මිලියන 911.9ක් ලියාපදිංචි වී සිටි බවයි.