― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsගංවතුරට පැලැස්තර විසඳුම් එපා - ස්ථිර විසඳුමක් අවශ්‍යයි

ගංවතුරට පැලැස්තර විසඳුම් එපා – ස්ථිර විසඳුමක් අවශ්‍යයි

සෑම වසරකම සිදුවන ගංවතුර උවදුරට තිරසර විසඳුමක් අවශ්‍ය බවත් ඒ සඳහා රක්ෂිත රැක ගැනීමේ වැඩපිළිවෙළකට යාම මෙන්ම මේ ජලය ඉවත් කරන පොම්පාගාර ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ නව සඳහන් කළේ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ අධික ගංවතුරින් විපතට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමට එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීයි.

අවිධිමත් ආකාරයට විසඳුම් ලබා දෙනවා වෙනුවට සාර්ව ලෙස සිතා බලා මෙම ගැටලුවට විසඳුම් ලබා දිය යුතු බවත් මෙම විසඳුම් ලබා දීමේ දී සමහර අයට අවාසිදායක දේවල් සිදු විය හැකි වුවත් ඔවුන්ට ද සහන සලසා වාර්ෂිකව මුහුණ දෙන මේ ගංවතුර තත්ත්වයෙන් මිදිය යුතු බවත් පැලැස්තර විසඳුම් ලබා දෙනවා වෙනුවට දීර්ඝ කාලීන විසඳුම් ලබා දිය යුතු බවයි විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේ.

රජයත් පරණ චක්‍රලේඛනවලට යටවී සොච්චම් සහනාධාර ලබා නොදී ජනතාවට ප්‍රතිඵලදායී සහනයක් ලබා දීමට මැදිහත්විය යුතු බවත් තමා ඇතුළු පිරිස විවිධ තැරැව්කාරයන්ගේ වහලුන් නොවන බවත් ඩීල්වලින් දූෂණයෙන් තොරව කටයුතු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී වැඩිදුරටත් පැවසීය.

කැලණි ගඟ පිටාර ගැලීම නිසා මෙම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් අගතියට පත්ව ඇති අතර එහිදී ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමට විපක්ෂ නායකවරයා කටයුතු කළේය.