26.7 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකානු සමාගමකට

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකානු සමාගමකට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකානු සමාගමක් විසින් හිමි කරගෙන තිබෙනවා.

මෙලෙස එම කණ්ඩායමේ හිමිකාරිත්වය ලබාගෙන ඇත්තේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants සමාගම විසිනුයි.

ඒ අනුව එම කණ්ඩායම සිය නම ද ‘දඹුල්ල සික්සස්’ ලෙසින් වෙනස්කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලැබුවේ බංග්ලාදේශ සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වූ තමීම් රහ්මාන් විසිනුයි.

තරග පාවාදීමේ චෝදනාවක් මත තමීම් රහ්මාන් කටුනායක ගුවන්තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.