23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකානු සමාගමකට

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකානු සමාගමකට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකානු සමාගමක් විසින් හිමි කරගෙන තිබෙනවා.

මෙලෙස එම කණ්ඩායමේ හිමිකාරිත්වය ලබාගෙන ඇත්තේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants සමාගම විසිනුයි.

ඒ අනුව එම කණ්ඩායම සිය නම ද ‘දඹුල්ල සික්සස්’ ලෙසින් වෙනස්කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලැබුවේ බංග්ලාදේශ සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වූ තමීම් රහ්මාන් විසිනුයි.

තරග පාවාදීමේ චෝදනාවක් මත තමීම් රහ්මාන් කටුනායක ගුවන්තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.