― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsනව රාජ්‍ය තාන්ත්‍රිකයන් 14ක් අක්ත පත්‍ර භාර දෙති

නව රාජ්‍ය තාන්ත්‍රිකයන් 14ක් අක්ත පත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහ කොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් අද (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුන් ද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරුන් ද මෙලෙස පත්ව සිටී.

මෙම නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.

අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

  1. Mr. Omar Castañeda Solares – Ambassador of the Republic of Guatemala.
    ඔමර් කැස්ටනේඩා සොලරෙස් මහතා – ගෝතමාලා ජනරජයේ තානාපති.
  2. Mr. Ali Achoui – Ambassador of the People’s Democratic Republic of Algeria.
    අලි අචෝයි මහතා – ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති.
  3. Ms. Marje Luup – Ambassador of the Republic of Estonia.
    මාර්ජ් ලූප් මහත්මිය – එස්තෝනියා ජනරජයේ තානාපති.
  4. Mr. Bounmy Vanmany – Ambassador of the Lao People’s Democratic Republic.
    බෞන්මි වන්මෙනි මහතා – ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති.
  5. Mr. Victor Hugo Echeverri – Ambassador of the Republic of Colombia.
    වික්ටර් හියුගෝ එචෙවෙරි මහතා – කොලොම්බියා ජනරජයේ තානාපති (නවදිල්ලිය).
  6. Mr. David Gregory Pine High Commissioner of the New Zealand.
    ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා – නවසීලන්ත මහකොමසාරිස්.
  7. Mr. Semih Lütfü Turgut – Ambassador of the Republic of Türkiye.
    සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා – තුර්කි ජනරජයේ තානාපති.
  8. Mr. Evagoras Vryonides – High Commissioner of the Republic of Cyprus.
    එවගොරාස් ව්‍රියොනිඩෙස් මහතා – සයිප්‍රස් ජනරජයේ මහ කොමසාරිස්.
  9. Mr. Kevin Kelly – Ambassador of Ireland.
    කෙවින් කෙලී මහතා – අයර්ලන්ත තානාපති.
  10. Mr. Masood Imad – High Commissioner of the Republic of Maldives.
    මසූඩ් ඉමාඩ් මහතා – මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්.
  11. Ms. Aliki Koutsomitopoulou – Ambassador of the Hellenic Republic.
    අලිකි කොට්සොමිටොපෝලෝ මහත්මිය – හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති.
  12. Mr. Abu Bakarr Karim – High Commissioner of the Republic of Sierra Leone.
    අබු බකාර් කරීම් මහතා – සියෙරා ලියොන් ජනරජයේ මහ කොමසාරිස්.
  13. Dr. Nikolay Yankov – Ambassador of the Republic of Bulgaria.
    ආචාර්ය නිකොලායි යන්කොව් මහතා – බල්ගේරියානු ජනරජයේ තානාපති.
  14. Mr. Haymandoyal Dillum – High Commissioner of the Republic of Mauritius. හේමන්ඩොයාල් ඩිලුම් මහතා – මොරිෂස් ජනරජයේ මහ කොමසාරිස්.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද එක්ව සිටියහ.

අක්ත පත්‍ර භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරු සමඟ සුහද කථා බහකට ද එක් විය.