― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsනෙදර්ලන්තයට කඩුලු 06ක ජයක්

නෙදර්ලන්තයට කඩුලු 06ක ජයක්

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාලය සමග පැවති තරගය කඩුලු 6කින් ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.

අමෙරිකාවේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දීමට නේපාල කණ්ඩායම තීරණය කළා.

ඔවුන් පන්දුවාර 19යි පන්දු 2ක් තුළ ලකුණු 106කට දැවී ගියා.

ඒ අනුව ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තය පන්දුවාර 18යි පන්දු 4ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තා.