23.9 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝදි ඉල්ලා අස්වෙයි

මෝදි ඉල්ලා අස්වෙයි

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

17 වැනි ලෝක් සභාව විසුරුවා හැරීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කිරීමෙන් පසු ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩලයක් සමඟ යළිත් ඉන්දියාවේ අගමැති ධුරයේ දිවුරුම් දීම සඳහායි ඔහු මෙලෙස තම ඉල්ලා අස්වීම භාර දී ඇත්තේ.

දින 44ක් පුරා අදියර 07ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ඊයේ නිකුත් වූ අතර එහිදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 240ක් හිමිකර ගත්තා.