― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsරට හරි පාරට ගන්න පුළුවන් රනිල්ට විතරයි

රට හරි පාරට ගන්න පුළුවන් රනිල්ට විතරයි

ආර්ථික අර්බුදය අවසන් කර රට නිවැරදි මාවතක ගෙන යා හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඔහු නැවත වරක් ජනතා සහයෝගයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන බව තමන් විශ්වාස කරන බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අයහපත් කාලගුණය සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 03 ක පමණ ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විසින් රුපියල් බිලියන 12ක පමණ ප්‍රතිපාදන යොදවා තිබෙනවා. එමඟින් ග්‍රාමීය මාර්ග සහ පාලම් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. අප අමාත්‍යාංශය හරහා ඉන් 65%ක පමණ වැඩකටයුතු අවසන් කර තිබෙනවා. එහි ඉතිරි කොටස ඉදිරි දිනවලදී අවසන් කර එහි ප්‍රතිලාභ ගමට ගෙන ඒමට කටයුතු කරනවා.

පසුගිය වසර කිහිපය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය පසුබෑමකට ලක්ව තිබුණා. එහිදී ග්‍රාමීය ප්‍රදේශවල රැකියා සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කම්කරුවන් ද ගැටලුවලට මුහුණ දුන්නා. නමුත් මේ වන විට රටේ ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. ආර්ථිකය ස්ථාවරත්වයකට පත්ව ජනතාවගේ ආදායම ඉහළ ගොස් තිබෙන නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය දියුණු කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ග්‍රාමීය ආර්ථිකය දියුණු වන බව අපට විශ්වාසයි.

ඒ වගේම මේ වන විට තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවතිනවා. ඉන් ග්‍රාමීය මාර්ගවලට හානි සිදු වී තිබෙනවා. මේ අකාරයෙන් ගංවතුර හේතුවෙන් හානියට පත් මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 03 ක පමණ ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. තවද ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කළ ඇතැම් ව්‍යාපෘති ආර්ථික අර්බුදය හේතුවෙන් අතහැර දැමුණා. එම සංවර්ධන කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වීමෙන් පසු අධික අනතුරු සහිත මාර්ග සහ පාලම්වල වැඩකටයුතු ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වනවා.

රටේ වර්තමාන තත්ත්වය ගැන ජනතාවට විශ්වාසයක් තිබෙනවා. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි. එමෙන්ම ආර්ථික අර්බුදය අවසන් කර රට නිවැරදි මාවතකට ගෙන යා හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව පැවසිය යුතුයි. ඒ නිසා ඔහු නැවත වරක් ජනතා සහයෝගයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරනු ඇති බව අපට විශ්වාසයි.

ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධූරයට පත්වීමෙන් පසු සුළුතර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ද පියවර රැසක් ගනිමින් සිටිනවා. එමෙන්ම ව්‍යවස්ථාවෙන් සම්මත කර තිබෙන පළාත් සභා ක්‍රමය ශක්තිමත්ව ගොඩ නැගිය යුතු බව ජනාධිපතිවරයා පැවසුවා. ඒ අනුව එම කටයුතු ද ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබෙන බව මට විශ්වාසයි.