31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ සරසවිය ලොව හොඳම විශ්වවිද්‍යාල ලැයිස්තුවට

කොළඹ සරසවිය ලොව හොඳම විශ්වවිද්‍යාල ලැයිස්තුවට

කොළඹ විශ්ව විද්‍යාලය ලොව හොඳම විශ්ව විද්‍යාල දහස අතරට පැමිණ තිබෙනවා.

ගුරු – ශිෂ්‍ය අනුපාතය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය විසින් ලෝකය පුරා කරනු ලැබූ පර්යේෂණ, ඔවුන් ජාත්‍යන්තර සඟරාදියෙහි පළකළ පර්යේෂණ ලිපි ප්‍රමාණ, ජාත්‍යන්තර කරණයට ලක් වීමේ ප්‍රතිශතය ඇතුළු කරුණු 8ක් පාදක කර ගනිමින් ලෝකයේ විශ්ව විද්‍යාල වර්ගීකරණය කරනු ලබනවා.

ඒ අනුවයි කොළඹ විශ්ව විද්‍යාලයත් මෙලෙස ලොව හොඳම විශ්ව විද්‍යාල දහස අතරට එක්ව ඇත්තේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න පැවසුවේ එම වර්ගීකරණයට අනුව 2024 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලය 951 වැනි ස්ථානය ලබාගෙන ඇති බවයි.