― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසජිත් සමඟ විවාදයට අනුර සූදානම්

සජිත් සමඟ විවාදයට අනුර සූදානම්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස සහභාගී වනවාදැයි තහවුරු කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගය විසින් රාජ්‍ය රූපවාහිනී නාලිකාව වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම පක්ෂයේ සමාජික වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අත්සනින් යොමු කර ඇති ලිපියේ වැඩි දුරටත් දැක්වෙන්නේ තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අදාල විවාදය සඳහා සහභාගී වීමට සූදානමින් සිටින බවයි.

ජාතික ජන බලවේගයේ නායන අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදයක් පැවැත්වීම පිළිබඳ මාස කිහිපයක සිට දේශපාලන වේදීකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණා.

අදාල පක්ෂ දෙක අතර අවස්ථා කිහිපයකදී විටින් විට විවාදයට දින යොදා ගැනීම පිළිබඳ ලිපි හුවමාරු වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අද දිනයේ අදාල විවාදය පැවැත්වීමට එකඟ වී තිබුණා.

ඒ අනුව රාජ්‍ය රූපවාහිනී නාලිකාව ඔස්සේ අදාල විවාදය විකාශය කර ලෙසට ජාතික ජන බලවේගය ඉල්ලීමක් සිදු කර තිබූ අතර රාජ්‍ය රූපවාහිනී නාලිකාව විසින් අදාල යෝජනාව පිළිගගෙන තිබෙනවා.

එවන් පසුබිමක අද පැවැත්වීමට නියමිත විවාදය සඳහා නිශ්චිතවම සජිත් ප්‍රේමදාස සහභාගී වනවාදැයි විමසමින් ජාතික ජන බලවේගය විසින් මෙම ලිපිය යොමු කර තිබෙනවා.

උපුටා ගැනීම,

අද දිනයේදී අදාළ විවාදයට අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගි වීමට සූදානමින් සිටින බව මෙයින් දැනුම් දෙමු.

කෙසේ වුව ද, මෙය සාමාන්‍ය රූපවාහිනි සංවාදයක් නොව දැනටමත් ප්‍රකාශිත විවාදයක් වන බැවින් ප්‍රතිපාර්ශවය වන සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ඊට සහභාගි වන්නේ ද යන්න පිළිබඳව තහවුරු කර ගත යුතුව ඇත.

එබැවින් ඒ මහතා අදාළ දිනයේ යොදා ඇති වේලාවට සහභාගි වන බව දැනුම් දී ඇත්දැයි කඩිනමින් අප වෙත දැනුම්දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

උපුටා ගැනීම අවසන්.