28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතමීම් රහුමාන්ට ඇප

තමීම් රහුමාන්ට ඇප

එළැඹෙන LPL තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයේ පසුවූ Dambulla Thunders කණ්ඩායමේ හිටපු හිමිකරු තමීම් රහුමාන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

කෙසේනමුත් ඔහුට විදේශ ගමන් තහනමක් පනවා ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයට ගෙන තිබෙනවා.

මෙවර LPL තරඟාවලියේදී තමීම් රහුමාන් විසින් Dambulla Thunders කණ්ඩායම මිලදී ගෙන තිබූ අතර මෙම සිදුවීමත් සමඟ ඔහුව කණ්ඩායම් හිමිකාරීත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා.