27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

අද (07) උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය වන බලවේග කට්ටල දුම්රිය කිහිපයක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, වැටුප් කේතයක් නොමැති කමින් බඳවාගැනීම් ප්‍රමාදවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වනවා.

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයේ නිරතව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බවයි.