― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඉන්දු – ලංකා සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා

ඉන්දු – ලංකා සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා ලබා දී තිබෙනවා.

නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (09) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ඇරයුම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහද එම අවස්ථාවට එක් විය.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයන් රැසක් ද දිවුරුම් දීමේ උත්සවයට එක්ව සිටි අතර කලාපයේ නායකයන්ගෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වුයේ ඉහළ පිළිගැනීමකි.

ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කලාපයේ නායකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අසළම ස්ථානය වෙන් කර තිබීමද විශේෂත්වයකි.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජ්‍ය නායකයන් එක් වූහ.

දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.