― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදුම්රිය වර්ජනය අඛණ්ඩව සිව්වැනි දිනටත්

දුම්රිය වර්ජනය අඛණ්ඩව සිව්වැනි දිනටත්

දුම්රිය වැඩ වර්ජනය අද (10) සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අද උදෑසන ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය 20ක් ධාවනය නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළා.

මෙම වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණු අතර අද දිනයේදීත් ප්‍රධාන මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් 11ක්, හලාවත මාර්ගයෙන් සහ උතුරු මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 04 බැගින් මෙන්ම මුහුදු බඩ මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 18ක් සහ කැලණිවැලි මාර්යෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 03ක් ධාවනය නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.