― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපාකිස්ථානය පරදා ඉන්දීය පිලට තියුණු ජයක්

පාකිස්ථානය පරදා ඉන්දීය පිලට තියුණු ජයක්

අගමැති නරේන්ද්‍ර මෝදිගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් වටිනා ත්‍යාගයක් පිරිනමන්නට රෝහිත් ෂර්මා ප්‍රමුඛ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (09) සමත් වුණා.

ඒ 20/20 ලෝක කුසලාන තරගාවලියේදී සාම්ප්‍රදායික පසමිතුරු පාකිස්ථානය හමුවේ ලකුණු 6ක තියුණු ජයක් ලබා ගනිමින්.

34,000ක ආසන ධාරිතාවක් සහිත නිව්යෝර්ක් හි නසාවු ක්‍රීඩාංගනය අතුරු සිදුරු නොමැතිව ඉන්දු පාකිස්ථාන ඩයස්පෝරාවෙන් පිරී ඉතිරී ගියේ උද්වේගකර තරගයක අසිරිය විඳ ගැනීමේ අපේක්ෂා සහිතවයි.

නමුත් ඒ බලාපොරොත්තු මොහොතකට සසල වූයේ ක්‍රීඩාංගණයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්.

ආරම්භය ප්‍රමාද වූ තරගයේ කාසිය වාසිය දිනා ගත් පාකිස්ථානය දෙවරක් නොසිතාම පන්දු යැවීම තෝරා ගත්තා. පිතිකරුවන්ට හිතකර නොමැති නසාවු තණතීරුවේ ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දු වාර 19කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 119ක් පමණයි.

රිෂාබ් පාන්ට් සහ අක්සාර් පටෙල් අතර ගොඩනැගුණු ලකුණු 39ක සබඳතාව හැරෙන්නට ඉන්දීය ඉනිමේ අනෙක් පිතිකරුවන්ට සාර්ථක වන්නට පාකිස්ථාන පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැහැ. නෂීම් ෂා සහ හරිස් රාවුෆ් කඩුල 3 බැගින් බිඳ හෙලුවා.

අඩු ලකුණු සංඛ්‍යාවක් වුවත් තණතීරුවේ ස්වභාවය අනුව එය පහසු ඉලක්කයක් නොවන බව පාකිස්තාන පිතිකරුවන් මුල සිට අවබෝධයෙන් යුතුව පන්දුවට පහර දෙන බවක් දක්නට ලැබුණා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 16ක් අවසන් වන විට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 85ක් රැස්කරගෙන ජයග්‍රහණය පෙනෙන මානයේ රැඳී සිටියා. නමුත් අවසන් පන්දුවාර 4 දී තරගය නොපිට පෙරළන්නට ඉන්දීය වේග පන්දු බලඇණිය සමත් වුණා.

නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 113කට සීමා වූ පාකිස්ථානයට පරාජය වැළඳ ගන්නට සිදු වුණේ තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමද සමඟයි.

ඉන්දියාව 20/20 තරගයකදී ආරක්ෂා කරගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වෙද්දී පාකිස්ථානයට 20/20 තරගයකදී ජයග්‍රහණය සඳහා සම්පූර්ණ කරගත නොහැකි වූ කුඩාම ඉලක්කය ද මෙය වනවා.