― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකෝවිලේදී රන් භාණ්ඩ සොරාගත් කතක් අත්අඩංගුවට

කෝවිලේදී රන් භාණ්ඩ සොරාගත් කතක් අත්අඩංගුවට

යාපනය, කන්නාඩි කාලි කෝවිලේ වාර්ෂික මංගල්‍යයට පැමිණි බැතිමතුන්ගේ රන් භාණ්ඩ හා මුදල් සොරාගත් කාන්තාවක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය පොලීසිය පැවසුවේ කෝවිලේ වාර්ෂික මංගල්‍යයට පැමිණි පිරිසගේ රන් භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවකි.

සැකකාරිය විසින් සොරාගන්නා ලද තැල්ලක්, රන් මාලයක්, අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

කෙසේනමුත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල උතුරු පළාතේ කෝවිල්වල වාර්ෂික මංගල්‍යයන් පැවැත්වෙන බවත් ඇතැම් පිරිස් කල්ලි වශයෙන් පැමිණ කෝවිල් උත්සවවලදී රන් භාණ්ඩ සොරාගැනීම සිදුකරන බැවින් ඉතා ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.