32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබාල සබන් නිසා බිළිඳු සමේ සංකූලතා

බාල සබන් නිසා බිළිඳු සමේ සංකූලතා

ප්‍රමිතියෙන් තොර සබන් භාවිතා කිරීම හේතුවෙන් මෙරට කුඩා දරුවන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ වර්තමාන ආර්ථික තත්ත්වය අනුව දෙමව්පියන් ප්‍රමිතියෙන් තොර සබන් දරුවන්ට භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ප්‍රමිතියෙන් තොර බාල සබන් භාවිතා කිරීමේ අතුරු ඵල විපාක දරුවන්ට අනාගතයේදී විඳීමට සිදුවන බවයි.

එමෙන්ම දරුවන් සඳහා භාවිතා කරනු ලබන සබන් වර්ගය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කළ සහතිකය සහිත බේබි සබන් වර්ගයක් දැයි යන්න නිර්දේශ කොට ඇතිද යන්න දෙමාපියන් සොයා බැලිය යුතු බවයි ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.