30 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිරුණිකාට එරෙහි නඩුවක් කල් යයි

හිරුණිකාට එරෙහි නඩුවක් කල් යයි

ඉකුත් වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසම තුළ මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 21 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට විමර්ශන ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව මෙම නඩුකරය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් මස 21 වැනිදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.