― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅනුර කුමාර හා TNA අතර හමුවක්

අනුර කුමාර හා TNA අතර හමුවක්

ජාතික ජන බලවේගය සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය අතර විශේෂ හමුවක් අද (11) පෙරවරුවේ යාපනයේදී පැවැත්වුණා.

යාපනයේ සංචාරයක නිරත අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායමක් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිස හමු වී සුහද කතාබහක ද නිරත වී තිබෙනවා.

අද (11) උදෑසන යාපනය, මාර්ටින් පාරේ පිහිටි ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ කාර්යාලයේදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

මෙහිදී ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම ද ඊයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයින් හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.