― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

දින හතරකට පසු අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද පෙරවරුවේ පිට පළාත්වල සිට කාර්යාල දුම්රියන් සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වූ අතර දුම්රියේ ගමන් ගන්නා මගීන් විශාල පිරිසක් කොටුව දුම්රියපොළ වෙත පැමිණ සිටි ආකාරය ද දක්නට ලැබුනා.

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබූ අතර ඊයේ (10) විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව ඔවුන් වර්ජනය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.