― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsනීතිපතිගේ සේවා දිගුවත් කොට උඩ

නීතිපතිගේ සේවා දිගුවත් කොට උඩ

නීතිපතිවරයාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් සලකා බැලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් තවදුරටත් කල් තබා තිබෙනවා.

ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයින් අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද අවසන් තීන්දුවක් ගෙන නැති බවයි වාර්තා වන්නේ.

2021 වසරේ මැයි මස 26 වැනිදා ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ශ්‍රී ලංකාවේ 48 වැනි නීතිපතිවරයා වශයෙන් දිව්රුම් දුන්නා.

ඔහුගේ සේවා කාලය මේ මස අගදී අවසන් වීමට නියමිතව ඇති අතර එය තවත් මාස හයකින් දිගු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා නිර්දේශ කර තිබුණා.

ජනාධිපතිවරයා පසුගිය දිනක සඳහන් කර තිබුණේ පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා කතෝලික සභාව සමග සම්බන්ධ වෙමින් පවත්වාගෙන යන විමර්ශන අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් අදාල සේවා දිගුව ලබාදෙන බවයි.

මේ ප්‍රකාශය හේතුවෙන් අගරදගුරු හිමිපාණන් වෙතින් ජනාධිපතිවරයාට ද විරෝධයක් එල්ල වුනා.

අගරදගුරු හිමිපාණන් සඳහන් කර තිබුණේ, නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා පාස්කු විමර්ශන යොදා ගැනීම වංචනික බවයි. නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ වෙතින් ද එල්ල වී ඇත්තේ බලවත් විරෝධයක්.

ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කළේ නීතිපතිවරයෙකුට සේවා දිගු ලබා දීම ව්‍යවස්ථා විරෝධී බවයි.

ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙරට නීතිපතිවරයෙකුට සේවා දිගු ලබාදී නොමැති බව ද ඔහු අවධාරණය කළා.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ අදාළ නිර්දේශය සාකච්ඡාවට ගත් ඊයේ පැවති ව්‍යවස්ථාදායක සභා රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වී තිබුණේ සූම් තාක්ෂණය ඔස්සේයි.

ඔහුට එම සභාවට පෞද්ගලිකවම සහභාගි වී ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පැවසීම හේතුවෙන් අදාළ සාකච්ඡාව ලබන 18 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.