― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමෙරට පරිගණක සාක්ෂරතාව ඉහළට

මෙරට පරිගණක සාක්ෂරතාව ඉහළට

මෙරට පරිගණක සාක්ෂරතාව සියයට 39කින් ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2023 වසරේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ත් 69 ත් අතර සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන්ම දෙදෙනෙකු පරිගණක සාක්ෂරතාවයෙන් යුක්ත වන බවයි.

එසේම සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන්ම තිදෙනෙකු ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුක්ත වන අතර එය සියයට 63.5ක ප්‍රතිශතයකි.

එසේම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ බස්නාහිර පළාත පරිගණක සාක්ෂරතාව ඉහළම පළාත වන අතර නැගෙනහිර පළාත අඩුම පරිගණක සාක්ෂරතාවයකින් පසුවන බවයි.

තවද 2021 වසරට සාපේක්ෂව 2023 වන විට පරිගණක සාක්ෂරතාවය සියයට 4.7 කින් වැඩි වී ඇති අතර නාගරික ප්‍රදේශවල පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 52.9 ක් ලෙසයි වාර්තා වන්නේ.