― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමේ දවස්වල අඩුවට දෙන චිකන් කන්නේ බලාගෙනයි

මේ දවස්වල අඩුවට දෙන චිකන් කන්නේ බලාගෙනයි

ගංවතුරට හසු වී මිය ගිය කුකුළන් අලෙවි කිරීමේ ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මක වන බැවින් කුකුල් මස් පරිභෝජනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට පවසනවා.

එහි වැටලීම් සහ විමර්ශන අංශය වැඩිදුරටත් කියා සිටියේ ගංවතුර හේතුවෙන් මියගිය කුකුළන් ඇසුරුම් කර අඩු මුදලට මෙම කූඨ ජාවාරම්කාර වෙළඳුන් අලෙවි කරන බව තොරතුරු වාර්තා වී ඇති බවයි.

දැනට කුකුල් මස් කිලෝවක් රුපියල් 1200කට පමණ මුදලකට අලෙවි වුවත් මෙම කුකුල් මස් රුපියල් දාහකටත් වඩා අඩු මුදලකට අලෙවි වන බවට වාර්තා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

පසුගිය දිනවල පැවැති අධික ගංවතුර තත්වය හේතුවෙන් මෙරට කුකුළු ගොවිපළ රාශියකට බරපතළ හානි සිදුවුණා.

මේ හේතුවෙන් මෙම ගොවිපළවල සිටි කුකුළන් විශාල සංඛ්‍යාවක් මිය ගිය අතර එලෙස මියගිය කුකුළන් නැවත ඇසුරුම් කර අඩු මිලට වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු පාරිභෝගික අධිකාරිය වෙත ලැබී තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ මේ නිසා කුකුල් මස් මිලදී ගැනීමේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙසටයි.