― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට ලංකාවත්

ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට ලංකාවත්

ලොව සංචාරය කිරීම සඳහා හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාවද පත්ව තිබෙනවා.

ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ 2024 ගිම්හාන සෘතුවේදී සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් ලොව හොඳම ගමනාන්ත වන බවයි.

ශ්‍රී ලංකාව සශ්‍රීක උස්බිම්වලින් සහ විස්මිත වෙරළ තීරයන්ගෙන් යුත් දූපතක් වන අතර බාලි හා සමාන සංචාරක ආකර්ෂණයක් පවතින බවත් සංචාරකයින් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යාන 22ක් පවතින බවත් ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙනවා.

එමෙන්ම දරුණු ආර්ථික අර්බුදයෙන් සහ මෑත කාලීන සිදුවීම්වලින් සුවය ලබමින් සිටින ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පෙරමුණේ පසුවන බවයි ඔවුන් පවසන්නේ.