― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවතු ජනතාවගේ අතමිට සරු කරන්න වැඩපිළිවෙලක්

වතු ජනතාවගේ අතමිට සරු කරන්න වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ අමෙරිකානු භාර නිලධාරී ගේබ්‍රියෙල් කිරාව් (Gabriel Kirau) සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අතර හමුවක් සිදුව තිබෙනවා.

ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේදී ඊයේ (10) මෙම හමුව පවත්වා තිබුණා.

ශ්‍රී ලංකාවේ වෙසෙන ආන්තික ප්‍රජාවක් වන වැවිලි ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ගේ අධ්‍යාපනය, ආර්ථික සවිබල ගැන්වීම සහ අනෙකුත් ප්‍රජාවන් ඇතුළත් කර ගැනීම සඳහා එක්සත් ජනපදයට ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි ආකාරය පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙරට තේ වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වන තේ ප්‍රභේද එම මාර්ගයේ ජීවත් වන ජනතාවගේ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට සහ ආදායම් වැඩි කිරීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳව සැලැස්මක් සකස් කිරීමට ද එහිදී යෝජනා වී තිබෙනවා.