28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත් හා TNA අතර විශේෂ හමුවක්

සජිත් හා TNA අතර විශේෂ හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර විශේෂ හමුවක් ඊයේ (10) යාපනයේදී පැවත්වුණා.

යාපනය, මාර්ටින් පාරේ පිහිටි ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ කාර්යාලයේදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

මෙම සාකච්ඡාව සඳහා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, පර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු එම පක්ෂයේ නායකයින් රැසක් එක්ව සිටියා.

විපක්ෂ නායකවරයා යාපනයේ පාසල් කිහිපයක ක්‍රියාත්මක කරන ලද සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන් සඳහා සහභාගී වූ අවස්ථාවක් අතරතුරදී මෙම සාකච්ඡාව පැවත්වුණා.

එහිදී ඉදිරි දේශපාලනික ව්‍යාපාාරය හා උතුරු පළාතේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශවය කරුණු සාකච්ඡා කොට ඇති අතර
ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා විසින් යාපනය අරියාලෙයි ප්‍රදේශයේ ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කොට තිබූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියකට ද සහභාගී වුණා.