29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඹුසැමි ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අඹුසැමි ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

තලාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබූ කාන්තාවගේ මළ සිරුරක් අද (11) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙම ප්‍රදේශයේදී අද (11) අලුයම ඝාතනයක් සිදුව ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලීසිය පවසන්නේ එම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ ඝාතනය සිදු කළ සැකකරුවන් දෙදෙනා බවයි.

මෙලෙස ඝාතනයට ලක් වූ තරුණිය හා ඇයගේ ස්වාමි පුරුෂයා මාලඹේ, තලාහේන ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති අතර අඹුසැමියන් අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි තරුණියක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.