30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා හා අයිස් සමඟ තරුණියක් අත්අඩංගුවට

ගංජා හා අයිස් සමඟ තරුණියක් අත්අඩංගුවට

මහා පරිමාණයෙන් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ තරුණියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප ව්‍යාප්ත යුක්තියේ මෙහෙයුමට අදාළව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (10) කොච්චිකඩේ පොලිස් වසමේ දුම්රියපල පාර, පළගතුරේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුතු නීතිවිරෝධී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 28 යි ග්‍රෑම් 310 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබා ගෙන සිටි වයස අවුරුදු 24 ක් වන පල්ලකැලේ, ගල්මුරුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.