25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

දින හතරකට පසු අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද පෙරවරුවේ පිට පළාත්වල සිට කාර්යාල දුම්රියන් සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වූ අතර දුම්රියේ ගමන් ගන්නා මගීන් විශාල පිරිසක් කොටුව දුම්රියපොළ වෙත පැමිණ සිටි ආකාරය ද දක්නට ලැබුනා.

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබූ අතර ඊයේ (10) විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව ඔවුන් වර්ජනය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.