29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමල් කැකුළකට හදි කළ අයෙක් වසර 10ක් සිපිරිගෙට

මල් කැකුළකට හදි කළ අයෙක් වසර 10ක් සිපිරිගෙට

මීට වසර 10කට පෙර බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (11) බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

චෝදනාවට ලක් වූ සැකකරු විසින් මීට වසර 10කට පෙර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටි දැරියක් මෙලෙස දූෂණයට ලක් කර තිබුණා.

ඒ අනුව විනිසුරුවරයා විසින් සිර දඬුවම්වලට අමතරව රුපියල් 10,000ක් වන දඩයක් ද, රුපියල් 50,000ක් වන වන්දි මුදලක් ද වින්දිත පාර්ශ්වය වෙනුවෙන් ගෙවීමට නියම කරනු ලැබුවා.

එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දඩයක් බවට පත් කිරීමටත්, තවත් වසර 02ක සිර දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවටත් නියම කරන බව ද දැනුම්දුන්නා.

කෙසේනමුත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙසටයි.

එම ඉල්ලීම මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.