27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentනලින්ගේ ජිප් රියේ ගැටුණු තරුණයා ජීවිතක්ෂයට

නලින්ගේ ජිප් රියේ ගැටුණු තරුණයා ජීවිතක්ෂයට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් ජීප් රථයක ගැටීමෙන් දින 08 ක් පුරා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ (11) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තිහාරිය, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන ශානුක රවිඳු නමැති තරුණයෙකි.

ඔහු යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙක් බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය 03 වැනිදා අලුයම් කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන්ගත් ජිප් රථය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දී තරුණයා ගමන් කරමින් තිබූ යතුරුපැදියේ ගැටී ඇත්තේ කෝන්ගස්දෙනිය හංදිය අසළදී යි.

තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම තරුණයා කොළඹ ජාතික රෝහලට මාරු කර තිබුණා.

එම අනතුරින් මෙම තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් අනතුර සිදුවූ මොහොතේ සිට ඔහු සිට ඇත්තේ සිහිසුන්වයි.

අනතුරින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් ජීප් රථයේ රියදුරු නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.