වයඹ පළාතේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් නව ගුරු පත්වීම් 4200ක් ලබාදීමට කටයුතු කර ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11) කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
ඒ අනුව වයඹ පළාතේ ගුරු පත්වීම් ඇතුළු සියලුම ගුරුවරුන්ට කිසිදු ගැටලුවකින් තොරව සේවය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.