29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රීගේ වාරණය ගැන තීන්දුවක්

මෛත්‍රීගේ වාරණය ගැන තීන්දුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 19 වැනිදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (12) නියෝග කළා.

එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති නිසා මෙම නඩුකරය ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ල ලබන 19 වැනිදා කැඳවීමට නියෝග කළ අධිකරණය එදින තෙක් මෛත්‍රීපාල සිරිසේන සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන ලෙසත් නියෝග කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.